දේශීය

ආගමට මුල් තැන දෙමින් 157 වෙනි පොලිස් සැමරුම සැමරේ..

ඊයේ (03) දිනයට යෙදුණු 157 වන පොලිස් දින සැමරුම නිමිති කරගනිමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

file

ඊට සමගාමීව පසුගිය 2වනදා දිනයේ රාත්‍රී 07.30 සිට පරිත්‍රාන ධර්ම දේශනාව හා පසුදින හීල් දානමය පින්කම කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 04 වන මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වා තිබෙනවා.

file

හින්දු ආගමික වතාවත් පැවැත්වීම ඊයේ පෙරවරු 8.30ට බම්බලපිටිය නව කදිරේෂන් හින්දු කෝවිලේදී පැවැත්වූ අතර පෙරවරු 09.30ට මෝදර, ශාන්ත ජේම්ස් කතෝලික දේවස්ථානයේදී කතෝලික දේව මෙහෙය ද පැවැත්වුණා.

file
file

තවද ඉස්ලාම් ආගමික වතාවත් කුරුඳුවත්ත දවටගහ මුස්ලිම් දේවස්ථානයේදී සිදුකෙරුණා.

file

මෙම අවස්ථාවන් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන මහත්වරුන් ප්‍රමුඛ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් සහභාගී වී තිබෙනවා.

file

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago