ඊයේ (03) දිනයට යෙදුණු 157 වන පොලිස් දින සැමරුම නිමිති කරගනිමින් සර්ව ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊට සමගාමීව පසුගිය 2වනදා දිනයේ රාත්‍රී 07.30 සිට පරිත්‍රාන ධර්ම දේශනාව හා පසුදින හීල් දානමය පින්කම කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ 04 වන මහලේ පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වා තිබෙනවා.

හින්දු ආගමික වතාවත් පැවැත්වීම ඊයේ පෙරවරු 8.30ට බම්බලපිටිය නව කදිරේෂන් හින්දු කෝවිලේදී පැවැත්වූ අතර පෙරවරු 09.30ට මෝදර, ශාන්ත ජේම්ස් කතෝලික දේවස්ථානයේදී කතෝලික දේව මෙහෙය ද පැවැත්වුණා.


තවද ඉස්ලාම් ආගමික වතාවත් කුරුඳුවත්ත දවටගහ මුස්ලිම් දේවස්ථානයේදී සිදුකෙරුණා.

මෙම අවස්ථාවන් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන මහත්වරුන් ප්‍රමුඛ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් සහභාගී වී තිබෙනවා.



