දේශීය

ඉන්දු පාකිස්තාන් ගැටුමට සහෝදරත්වය ගෙනා කෝලි..

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ A” කාණ්ඩය යටතේ තරගයක් අද (02) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ ආසියානු කුසලානයේ සම සත්කාරකත්වය දරන පාකිස්තානය හා ඉන්දියාව අතරයි.

දෙරට අතර පවතින මතභේදාත්මක ගැටලු හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර පවත්වන තරගයන් කෙරෙහි කාගෙත් දැඩි අවධානය හිමි වෙනවා.

මේ අතර අද තරගයට එක් වෙන ඉන්දීය සහ පාකිස්තාන කණ්ඩායම් සිය අවසන් පුහුණු තරගයට සහභාගී වුණා.

එහිදී ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි පාකිස්තාන ක්‍රීඩකයින් සමඟ වඩාත් සමීපව කටයුතු කරන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාධ්‍යට මුදා හැර තිබුණා.

එම ඡායාරූප කෙරෙහි දෙරටහි මෙන්ම බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

file

ආසියානු කුසලානයේ තරග සඳහා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන සංචාරයේ යෙදවීමට පසුගියදා ඉන්දීය ක්‍රිකට් බලධාරින් අකමැතිවීම කැපීපෙනන අවස්ථාවක් වුණා.

file

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මැදිහත් වීමෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට තීරණය කළා.

file
file
file

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago