Tuesday, April 21, 2026
Homeදේශීයමි.මි.100ට වැඩි තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

මි.මි.100ට වැඩි තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින හරහා නිරිත දිග මෝසම් සක්‍රීය වීම හේතුවෙන් නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනයේ (02) ද බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

file
READ:   බදුර්දීන්ට පසුව විල්පත්තුවට සැරටම කෙලින්න යන දුමින්ද දිසානායක සහ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් !
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්