දේශීය

ජාතික රෝහලේ CT ස්කෑන් යන්ත්‍ර දෙකක් බිඳවැටෙයි

කොළඹ ජාතික රෝහල සතුව පවතින CT ස්කෑන් යන්ත්‍ර 4න් දෙකක් මේ වනවිට සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් රෝගීන් මෙන්ම විකිරණ ශිල්පීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පෙන්වා දෙන්නේ.

මීට වසරකට පෙර බිඳවැටුණේ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ රෝගීන්ගේ පරීක්ෂණ සිදුකරන CT ස්කෑන් යන්ත්‍රය බව ඒ මහතා පවසනවා.

ඊයේ දිනය වන විට බිඳවැටී ඇති CT ස්කෑන් යන්ත්‍රය දිනකට රෝගීන් 250කට වැඩි පිරිසකගේ පරික්ෂණ සිදුකරන එනම් වැඩිම පරීක්ෂණ සංඛාවක් සිදු කරන යන්ත්‍රය බව ඔහු සඳහන් කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

23 mins ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

30 mins ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago