දේශීය

ශ්‍රී ලංකාව හමුවේ බංග්ලාදේශය 164 කට සීමා වෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42.4 ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 164ක් පමණයි.

එහිදී සාර්ථකම පිතිකරුවා වූ Najmul Hossain Shanto පන්දු 122කින් ලකුණු 89ක් රැස් කළා.

Towhid Hridoy ලකුණු 20යි.

අගනා පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ කඩුලු 04ක් බිඳ දැමුවා.

මේ අතර මහේෂ් තීක්ෂණ කඩුලු 02ක් දවා ගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 165ක ඉලක්කයක් හබා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

14 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago