Friday, September 11, 2026
Homeදේශීයඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාතන නියෝජිතයින් පිරිසක් ආරක්ෂක ඇමති හමුවෙයි

ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාතන නියෝජිතයින් පිරිසක් ආරක්ෂක ඇමති හමුවෙයි

රියර් අද්මිරාල් සංජය සච්දේවා ප්‍රමුඛ ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිත පිරිසක් ඊයේ (28) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හමුව තිබෙනවා.

ඒ අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි කාර්යාල පරිශ්‍රයේදි.

දිවයිනට පැමිණි ජ්‍යෙෂ්ඨ විදේශ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිස රාජ්‍ය අමාත්‍යවරයා විසින් උණුසුම් ලෙස පිළිගෙන ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වු බව සඳහන් වෙනවා.

මෙම පිරිස නියෝජනය කරමින් බ්‍රිගේඩියර් රාජත් කුමාර් සහ කර්නල් උෂාකොව් ආර් ලියොනිඩොවිච් ද මෙම හමුවට එක් වී තිබෙනවා.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් ද මෙම අවස්ථාවට එක් වූ බව වාර්තා වෙනවා.

READ:   ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ගැන නිර්දේශය ඉවතට?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්