Thursday, September 10, 2026
HomeදේශීයBREAKING NEWS:සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පාරාජය වෙයි

BREAKING NEWS:සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්දයෙන් පාරාජය වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්යෙන් පරාජයට පත්වුණා.

එහිදී යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් ලැබුණු අතර විශ්වාසභංගයට පක්ෂව ලැබුණේ ඡන්ද 73ක් පමණයි.

ඒ අනුව වැඩි ඡන්ද 40 කින් විශ්වාසභංගය පරාජයට පත්වුණා.

බාල ඖෂධ ගෙන්වීම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිව ඇති ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආවා.

READ:   දකුණු සූඩානයට සතුට තිළිණ කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්