2023 සහ 2024 යන වසරවලට අඛන්ඩ එල්පී ගෑස් සැපයුමක් ලබාගැනීම වෙනුවෙන් නැවත ඇණවුමක් වශයෙන් 50%ක සැපයුමක් වාර්තමාන සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ලිට්‍රෝ ගෑස් සමඟ මේ වනවිට ක්‍රියාත්මක කොන්ත්‍රාත්තුව ලබන දෙසැම්බර් 31 අවසන් වීමට නියමිතයි.



