Tuesday, July 21, 2026
Homeදේශීයකාන්තාවකගේ මොළයේ සෙන්ටි මීටර 08ක පනුවෙක්

කාන්තාවකගේ මොළයේ සෙන්ටි මීටර 08ක පනුවෙක්

file

කාන්තාවකගේ මොළය තුළ සජීවි පනුවෙක් සිටි පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා.

මෙලෙස හමුව ඇති පනුවා සෙන්ටි මීටර් 08ක (අඟල් 03ක) දිගින් යුතු වූ බවයි වාර්තා වන්නේ.

64 හැවිරිදි කාන්තාවගේ මොලය තුළ සිටි පනුවා ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලය සහ කැන්බරා රෝහලේ වෛද්‍යවරුන් විසින් සොයා ගෙන තිබෙනවා.

සැත්කමකින් පසු පන පිටින් දඟලමින් සිටි පනුවා දැක ඇති අතර පණුවාගේ කීටයන් කාන්තාවගේ පෙණහළු හා අක්මාවට ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

මිනිස් මොළයක් තුළ පරපෝෂිත පනුවෙකු හමුවූ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

READ:   ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන T20 තරගය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්