Saturday, September 12, 2026
Homeදේශීයමෙහෙමත් අපරාධයක්! - කාන්තාවන්ගේ ඉගෙනීමට අකමැති වූ පාලනය

මෙහෙමත් අපරාධයක්! – කාන්තාවන්ගේ ඉගෙනීමට අකමැති වූ පාලනය

අධ්‍යාපනය සඳහා ඇෆ්ගනිස්තාන සිසුවියන් රට හැර යෑම තලේබාන් පාලනය විසින් තහනම් කර තිබෙනවා.

ශිෂ්‍යත්ව මත විදෙස් විශ්වවිද්‍යාලවලට ඇතුළුවීම මෙහිදී තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2022 වසරේ දෙසැම්බර් සිට ත්ලේබාන් පාලනය විසින් කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් කර තිබුණා.

මේ අතර අධ්‍යාපන ශිෂ්‍යත්ව හරහා ඇෆ්ගන් කාන්තාවන් එක්සත් අරාබියේ ඩුබායි විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී ඇතිබව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් පසුගිය ජුලි මාසයේ සිට අධ්‍යාපන වීසා මත ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට විදෙස් ගත වීම ද තහනම් කර තිබෙනවා.

යම්හෙයකින් කාන්තාවක් විදෙස්ගත වන්නේ නම් ඇගේ ස්වාමිපුරුෂයා, පියා හෝ සහෝදරයෙකු සමඟ යා යුතු බවයි වාර්තා වන්නේ.

READ:   ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරගාවලියේ ප්‍රවේශ පත් නිකුත් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්