දේශීය

ජාතික රෝහලේ දී පුද්ගලයෙකු මියයෑම: මේක හදිසි අවස්ථාක් – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ප්‍රතිජිවක ඖෂධයක් ලබාදෙන අතරතුර මියයෑම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අදහස් දක්වනවා.

කැපුම් තුවාල සහිතව වරකාපොළ රෝහලෙන් ගෙවුණු 26 වනදා ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්වුණා.

පසුගිය මාස කිහිපය පුරාවටම රෝහල් පද්ධතිය තළ ඇති වූ මෙවැනි ගැටලු නිසා රෝගීන් රෝහල් වෙත පැමිණීමට බිය වන බව වෛද්‍ය බෙල්ලන මහතා පවසනවා.

Coamoxyclave ප්‍රතිජිවක ඖෂධය පමණක් නොව අනෙකුත් ඖෂධ නිසාත් රෝගීන් විශාල ප්‍රමාණයක් මියයෑම මීට හේතුව බව ඔහු පෙන්වා දෙනවා.

මිනිසුන් රෝහලට පැමිණීමෙන් ඈත් වීම මෙහිදී වඩාත් භයානක කාරණය වන බවයි ඔහු සඳහන් කළේ.

මෙම තත්ත්වය ජාතික ව්‍යවසනයක්, හදිසි තත්ත්වයක් බැවින් වහා කැබිනට් මණ්ඩලය රැස්වී මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව ඔහු අවධාරණය කර සිටියා.

මේ අතර ජාතික රෝහලේ රෝගියාට ලබාදුන් ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත්කිරීමට සෞඛ්‍ය බලධාරින් ඊයේ තීරණය කළා.

Recent Posts

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ මහා සමුළුවේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…

5 hours ago

ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…

5 hours ago

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago