කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ප්‍රතිජිවක ඖෂධයක් ලබාදෙන අතරතුර මියයෑම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අදහස් දක්වනවා.
කැපුම් තුවාල සහිතව වරකාපොළ රෝහලෙන් ගෙවුණු 26 වනදා ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්වුණා.
පසුගිය මාස කිහිපය පුරාවටම රෝහල් පද්ධතිය තළ ඇති වූ මෙවැනි ගැටලු නිසා රෝගීන් රෝහල් වෙත පැමිණීමට බිය වන බව වෛද්‍ය බෙල්ලන මහතා පවසනවා.
Coamoxyclave ප්‍රතිජිවක ඖෂධය පමණක් නොව අනෙකුත් ඖෂධ නිසාත් රෝගීන් විශාල ප්‍රමාණයක් මියයෑම මීට හේතුව බව ඔහු පෙන්වා දෙනවා.
මිනිසුන් රෝහලට පැමිණීමෙන් ඈත් වීම මෙහිදී වඩාත් භයානක කාරණය වන බවයි ඔහු සඳහන් කළේ.
මෙම තත්ත්වය ජාතික ව්‍යවසනයක්, හදිසි තත්ත්වයක් බැවින් වහා කැබිනට් මණ්ඩලය රැස්වී මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව ඔහු අවධාරණය කර සිටියා.
මේ අතර ජාතික රෝහලේ රෝගියාට ලබාදුන් ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත්කිරීමට සෞඛ්‍ය බලධාරින් ඊයේ තීරණය කළා.


