Tuesday, September 15, 2026
Homeදේශීයපවුල් අට ලක්ෂයක අස්වැසුම දීමනා අද බැංකුවලට

පවුල් අට ලක්ෂයක අස්වැසුම දීමනා අද බැංකුවලට

පවුල් අට ලක්ෂයකට අදාළ අස්වැසුම මුදල් බැංකු වෙත මහ භාණ්ඩාගාරය විසින් අද (28) දිනයේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඊයේ (27) මධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

තෝරාගත් පවුල් ලක්ෂ 15න් ලක්ෂ අටක තොරතුරු මේ වන විට අස්වැසුව දීමනාව ලබා දීමට පැහැදිලිවම තහවුරු කර ගෙන ඇති බව ඒ මහතා පැවසුවා.

ගෙවීම් තවදුරටත් ප්‍රමාද කළ නොහැකි නිසා අදියර වශයෙන් තහවුරු කර ගනිමින් ගෙවීම් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

READ:   BREAKING NEWS: හෙට බොහෝ බැංකු ශාඛා විවෘත කර තැබීමට තීරණය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්