file
මංගල උත්සවයක තරුණියන් දෙදෙනෙකු සමඟ නර්තනයේ යෙදෙමින් සිටි තරුණියක් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක් වන මීගොඩ, උඩගෙවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියක්.
ඇය හොරණ බටුවිට ප්‍රදේශයේ පුද්ගලික සමාගමක අලෙවි විධායකවරියක් ලෙස සේවය කර ඇති අතර එම ආයතනයේ අයකුගේ විවාහ උත්සවයේ දී ඇය මෙලෙස අසනීපව ඇති බව වාර්තා වෙනවා.
නර්තනයේ යෙදිමින් සිටි තරුණිය එම අවස්ථාවේ දී එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර ඇය අසනීප වීම හේතුවෙන් හොරණ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
පසුව ඇය හොරණ රෝහලට ගෙන යාම සඳහා උපදෙස් ලැබී ඇති බවත් හොරණ රෝහලේදී සිදුකළ පරික්ෂාවේදී තරුණිය මියගොස් සිටි බවත් වාර්තා වෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…