Sunday, July 26, 2026
Homeදේශීයත්‍රිකුණාමලයට අක්කර දහසක ආයෝජන කලාපයක්

ත්‍රිකුණාමලයට අක්කර දහසක ආයෝජන කලාපයක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ අක්කර දහසක ආයෝජන කලාපයක් ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ ආරුගම්බේ සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරකයින් සමග ඊයේ (25) පැවති හමුවකදී.

නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය අදියර දෙකක් යටතේ සංවර්ධනය කළ යුතු අතර, ඉදිරි වසර 10 තුළ එම කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කරනවා.

ඉන්දියාවේ සහය ඇතිව ත්‍රිකුණාමලය දියුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.

මේ අතර ජනාධිපතිවරයා අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ හා පීනට් ෆාම් වෙරළ තීරයේ නිරික්ෂණ චාරිකාවකට ද එක්වුණා.

READ:   ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත පිලිබඳව කෝප් කමිටුවෙන් නියෝගයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්