file
රුසියාවට එරෙහිව වරෙක යුද්ධය ප්‍රකාශ කර සිටි වැන්ගර් කුලී හේවා හමුදා නායක යෙව්ගනි ප්‍රිගොෂිනි හදිසි ගුවන් අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුරට පත්වූ යානයේ ගමන් ගත් මගීන් ලැයිස්තුවේ ඔහුගේ නම ද වන බව රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
කෙසේ වෙතත් කුලී හමුදා නායකයාගේ මරණය මෙතෙක් නිශ්චිතව තහවුරු කර නැහැ.
යෙව්ගනි ප්‍රිගොෂිනිගේ නායකත්වයෙන් යුත් වැන්ගර් කුලී හමුදාව රුසියාව වෙනුවෙන් යුක්‍රේනයට එරෙහිව යුක්‍රේනය තුළ මුල් කාලයේ සටන් මෙහෙයවා සිටියා.
එහිදී රුසියානු හමුදාව විසින් වැන්ගර් හමුදාවට ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වැන්ගර් හමුදා නායකයා විසින් රුසියාවට චෝදනා කිරීමත් සමඟ රුසියාව සහ වැන්ගර් හමුදාව අතර හොඳ හොඳ හිත පළුදුව ගියා.
කුලී හමුදාව විසන් රුසියාව පුරා ගිනි තැබීම් ඇතුළු කලහකාරී තත්ත්වයක් ඇති කළ අතර පසුව ඔවුන් සමතයකට පත්වුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…