දේශීය

චන්ද්‍රයාන් 3 සඳෙහි සිට සන්නිවේදනය අරඹයි

ඉන්දීය “චන්ද්‍රයාන් -3” චන්ද්‍ර මෙහෙයුම සාර්ථක වී තිබෙනවා.

ඒ චන්ද්‍රයාන් -3 යානයේ වික්‍රමි ලෑන්ඩරය ඊයේ (23) සඳ මත සාර්ථකව ගොඩබෑමත් සමඟයි.

ඒ අනුව සඳ තරණය කළ ලොව සිව් වන රට බවට පත්වූ ඉන්දියාව චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ස්පර්ශ කළ ලොව පළමු රට බවට ද පත්වුණා.

පසුගිය ජූලි 14 වනදා ඉන්දියාවෙන් දියත් කෙරුණු චන්ද්‍රයාන් -3 යානය සති පහක පමණ කාලයක් සඳ වටා කක්ෂගත වෙමින් මෙලෙස සඳ ස්පර්ශය කරනු ලැබුවා.

සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මත ගොඩ බැස්සූ චන්ද්‍රයාන් – 3 යානය මේ වනවිට සාර්ථකව ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ සන්නිවේදන කටයුතු ආරම්භ කළ බව එරට අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ඉස්රෝ ආයතනය නිවේදනය කරනවා.

ප්‍රග්ඥාන් රෝවරය මේ වන විට සඳ මතුපිට ගමන් කිරීම ආරම්භ කර ඇති බවයි එම ආයතනය පැවසුවේ.

වික්‍රම ලෑන්ඩරය මගින් රැගෙන ගිය රෝවර් “ප්‍රාග්‍යාන්” යොදවා දින 14 ක කාලයක් තුළ සඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ ඝනීභවනය වූ ශීත ජලය හා දුර්ලභ ඛනිජ මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙහිදී ගවේෂණය කිරීමට නියමිතයි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

16 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago