පවතින වියළි කාලගුණය හමුවේ භූගත ජලය භාවිතයේදී එම ජලයේ රසයේ, ගන්ධයේ හෝ වර්ණයේ වෙනසක් ඇත්නම් ජලසම්පත් මණ්ඩලයේ කාර්යාලයකට යොමුකර පරික්ෂා කර ගන්නා ලෙස එම මණ්ඩලය ජනතාවට දැනුම්දෙනවා.
භූගත ජල මට්ටම අඩුවීම හේතුවෙන් ලවන තාවයේ වෙනසක් සිදුවීමෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙනවා.
කොළඹ, පුත්තලම, අනුරාධපුර, යාපනය පරික්ෂණාගාර තුළින් අදාළ ජල සාම්පල පරික්ෂා කරත හැකියි.


