භාවිතයෙන් ඉවත් කළ ගුල්ලන් සහ කෘමීන් සහිත සහල් කිලෝ 600කට ආසන්න ප්‍රමාණයක් වැලිපැන්න පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
මතුගම වලගෙදර ප්‍රදේශයේ පිහිටි ගබඩාවකට පරිභෝජනයට නුසුදුසු සහල් ගෙනවිත් ඔපදමන බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම සහල් තොගය හමුව ඇති බවයි වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් 42 හැවිරිදි දර්ගා නගරයේ පදිංචි, ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
මහජන පරීක්ෂකවරුන් විසින් අදාළ සහල් සහිත ලොරියට මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා.


