මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ සංරක්ෂණය කරන ලද ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට විවෘත කිරීම සහ ඒ සඳහා සංචාරක ප්‍රවේශ පත්‍රයක් හදුන්වාදීම බුද්ධශාසන, ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා.

ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට පහසුවන ආකාරයෙන් සහ තවදුරටත් ක්‍රමවත්ව සකස් කරන ලෙසත් කොටුව තුළ පිහිටා ඇති විහාරස්ථානය, කෝවිල සහ එහි ස්ථානගත කර ඇති හමුදා කඳවුරෙහි කාර්යයන් සඳහා බාධාවක් නොවන අයුරින් නියමු සැලැස්මක් සකස් කරන ලෙසත් අමාත්‍යවරයා එහිදී නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

කොටුව සහ ඉන් පිටත ස්මාරක තවදුරටත් ආරක්ෂාකාරී ලෙස සංරක්ෂණය කරන ලෙසත් කැනීම් සිදු කිරීමට පවතින ප්‍රදේශන් කඩිනමින් සංරක්ෂණය කර අවසන් කරන ලෙසත් සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා කොටුව පිළිබඳව තොරතුරු ලබාගත හැකි විවිධ ක්‍රමවේදයන් සකස් කරන ලෙසත් ඔහු උපදෙස් ලබා දී තිබෙනවා.





