file
අනුරාධපුර, ජයන්ති මාවතේ දී අද (21) දහවල් යතුරුපැදියක් හා ටිපර් රථයක් ගැටී අනතුරක් සිදුවුණා.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ 36 හැවිරිදි මවක් සහ 8 හැවිරිදි දියණියක් ජීවිතක්ෂයට පත්වුණා.
මෙලෙස මියගියේ රාජාංගනය, දාහතර කොලනිය ප්‍රදේශයේ පදිංචි මවක් සහ දියණියකි.
මියගිය මව රාජාංගනය ප්‍රදේශයේ ගුරුවරියක ලෙස සේවය කර ඇති බව වාර්තා වෙනවා.
ස්කූටි වර්ගයේ යතුරුපැදියක් බස් රථයකට ඉස්සර කිරීමට යෑමේදී පසුපසින් පැමිණි ටිපර් රථයක් යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ටිපර් රථය ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙනවා.
අනුරාධපුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…