මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගිය දා (17) කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.

එහිදී මගීන් පැමිණීමේ පර්යන්තයෙහි සහ පිටවීමේ පර්යන්තයෙහි පිහිටුවා ඇති ආගමන විගමන නිලධාරීන්ගේ කවුලු නිරික්ෂණය කර ඇති ඇමතිවරයා ගුවන් මගීන්ට කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබාදීමට මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර ගුවන් තොටුපල තත්ත්වයන්ට අනුකූලව ආගමන විගමන සේවාවන් ලබාදිය හැකි භූමි සැලසුම පිළිබඳව සාකච්ඡා කළ බව සඳහන් වෙනවා.
එමෙන්ම නව e-gate කවුන්ටර පිහිටුවීම සම්බන්ධව මෙහිදී ඒ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

තවද නව CCTV කැමරා පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීමටද ඇමතිවරයා උපදෙස් ලබා දුන් බව සඳහන් වෙනවා.
මෙම කැමරා පද්ධතිය නව තාක්ෂණික මෘදුකාංග මගින් දත්ත විශ්ලේෂණය කළ හැකි ආකාරයෙන් යුක්ත වන බවයි ඇමතිවරයා සඳහන් කර ඇත්තේ.

මෙම නිරීක්ෂණ චාරිකාවට ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමෙහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා,මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතා,ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සහා ගුවන්තොටුපළ නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබෙනවා.


