දේශීය

වැරදුනු හූනියම කට්ටඩියාගේ ජීවිතය බිල්ලට ගනී

මොරගහහේන, තලගල ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන පැමිණි කාන්තාවන් ඇතුළු සිව්දෙනෙකු එම නිවසේ සිටි කට්ටඩියෙකු නැමති පුද්ගලයෙකුට පහර දී තිබෙනවා.

ඊයේ (18) සිදුකර ඇති මෙම පහරදීමෙන් අදාළ පුද්ගලයා මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා මීට දින කිහිපයකට පෙර අසල නිවසක දියුණුව පතා කළ යාතිකාවක් අතරතුර නිවසේ කාන්තාවකට අයුතු යෝජනාවක් කර ඇති බවට චෝදනා කරමින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව ඊට අකමැතිවීමෙන් අනතුරුව කට්ටඩියා එම නිවසට තව තවත් කරදර එන පරිදි හදි හූනියම් කර ඇති බව පවසමින් කට්ටඩි පුද්ගලයා සිටි නිවසට එම පිරිස පැමිණීමෙන් මෙම ආරවුල ඇතිව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සමඟ පැමිණි ඥාති කාන්තාව ඇතුළු පිරිස සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago