දේශීය

ගාල්ල පරාජය කරමින් කැන්ඩි LPL අවසන් මහා තරගයට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ බී – ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර පැවති තරගය ලකණු 34 කින් ජය ගැනීමට කැන්ඩි කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 157ක් රැස් කළා.

වේගවත් පිතිහරඹයක නියැලුණු නායක වනිඳු හසරංග පන්දු 30කින් ලකුණු 48ක් රැස් කළා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 38යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී රැස් කළේ ලකුණු 123ක් පමණයි.

වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා කඩුලු 02 බැගින් දවාගත්තා.

ඒ අනුව බී ලව් කැන්ඩි කණ්ඩායම මෙවර LPL අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තා.

දඹුල්ල ඕරා සහ බී ලව් කැන්ඩි කණ්ඩායම

අතර අවසන් මහ තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

6 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago