Saturday, June 6, 2026
Homeදේශීයමුරකුටියක් තුළ කාන්තාවක් සැකකටයුතු ලෙස මරුට

මුරකුටියක් තුළ කාන්තාවක් සැකකටයුතු ලෙස මරුට

බඩල්ගම පොලිස් වසමේ දකුණු කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ පොල් ඉඩමක මරකුටියක් තුළ කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.

ඊයේ (18) දහවල් මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබණු බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වූ කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ කාන්තාවක්.

ඇයගේ දෑත් ඉදිරිපසට තබා බැඳ ඇඳක් මත තිබී ඇති අතර මුහුණේ තුවාලයක් ද ඇති බව පොලිසිය පවසනවා.

මෙම කාන්තාව වසර ගණනාවක සිට එම පොල් ඉඩමේ මුරකරු ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරයි.

බඩල්ගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   පළාත්සභා මැතිවරණය පැවැත්වීමේ කිසිඳු සූදානමක් නැහැ - අමාත්‍ය උදය ගම්මන්පිල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්