Monday, September 28, 2026
Homeදේශීයයතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු මරුට

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු මරුට

හෙට්ටිපොල, කටුපොත මූණමල්දෙණිය මාර්ගයේ මල්වානේගෙදර ප්‍රදේශයේ දී යතුරුපැදි අනතුරක් සිදුව තිබෙනවා.

මූණමල්දෙණිය සිට කටුපොත දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටී
ඊයේ (17) රාත්‍රියේ මෙම අනතුර සිදුවුණා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදි දෙකේ පැදිකරුවන් දෙදෙනා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී එක් පැදිකරුවෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගියේ වසය අවුරුදු 27ක් වන මඟුලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

READ:   ලංගම බස් රථයක් සුළඟට හසුවෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්