Tuesday, April 21, 2026
Homeදේශීයජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දේශබන්දු ශ්‍රීපාල් වන්නිආරච්චි ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලබයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දේශබන්දු ශ්‍රීපාල් වන්නිආරච්චි ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලබයි

ඒ එංගලන්තයේ සාම විශ්ව විද්‍යලයට (London university of peace ) අනුබද්ධව ක්‍රියාත්මක වන wora city campus, උසස් අධ්‍යාපන ආයතනය මගිනුයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම ආචාර්ය උපාධි ප්‍රදානෝත්සවය සිදු කෙරුණේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය නීතීඥ සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසිනුයි.

සංගීතය,කලා ආර්ථික, කළමනාකරණ ,සමාජීය මාධ්‍ය, ඇතුළු අංශ ගණනාවක් මෙහිදී ඇගයීමට ලක් කෙරුනා.

Wora city campus ආයතනයේ සභාපති ආචාර්ය චින්තක සමන් කුමාර මහතාගේ යෝජනාවක් මත Heritage of Asia විශේෂිත සම්මාන ප්‍රධානයක්ද සිදු කෙරුනා.

අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ ප්‍රථම කාන්තා මහාචාර්යවරිය හා
එම විෂයට අදාලව පලවෙනි වතාවට ඉතිහාසයේ ප්‍රථම පන්ති සාමාර්ථය ලබා ගත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නේරංජි විජේවර්ධන මහත්මිය මෙහිදී Heritage of asia සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඇය අපරාධ විද්‍යාව හා බැදුනු පොත්පත් 18 ක් රචනා කර ඇති අතර, පර්යේෂණ පත්‍රිකා සහ මාධ්‍ය හරහා දැනට විශාල භූමිකාවක් සිදුකරනු ලබයි.

සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී දක්ෂතා සපිරි, අමල් පෙරේරා මහතා ද ආචාර්ය පදවියකින් පිදුම් ලැබුවා.

කලා ක්ෂේත්‍රයේ මෙන්ම සමාජයීය වශයෙන් මහත් මෙහෙවරක් සිදුකරන විශ්ව කොඩිකාර මහතාද සම්මානයට පාත්‍ර වුණා.

මධ්‍ය ක්ෂේත්‍රයේ වසර 25 ක අත්දැකීම් සහ ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනම හරහා කෙටි කලක් තුළ සිදුකළ මහත් වූ සේවාව අගයමින් ජේෂ්ඨ මාධ්‍යවේදී දේශබන්දු ශ්‍රීපාල් වන්නිආරච්චි මහතාද Heritage of asia සම්මානයට පාත්‍ර වුණා.

…………………..

මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ශ්‍රීපාල් මාතර රාහුල විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇත.

පාසල් කාලයේ දී විවිධ සමිති සමාගම්වල නිලතල දරමින්,වේදිකා නාට්‍යය නිෂ්පාදනයට අධ්‍යක්ෂණයට සහ රංගනයට එක් වෙමින් සම්මානයට ද ඔහු පාත්‍ර වූ අයෙකි.

වසර විසිපහක කාලයක් සිරස news1st සමඟ ඔහු කටයුතු කරමින් සිටී.

🔺සිරස සටන,දවස, මායිම යන වැඩසටහන් හරහා ජනතා ප්‍රශ්න ඍජුව දේශපාලකයන්ගෙන් හා බලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට ශ්‍රීපාල් සමත් විය.

READ:   ෆුඩ්සිටියෙදී පහර කෑ කියන තරුණියගෙන් රට හෙල්ලෙන කතාවක් (වීඩියෝ)

🔺ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වාර්තාකරණයේ වසර 18ක හසල අත්දැකීම් ඇති ශ්‍රීපාල්,ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විද්‍යුත් හා නව මාධ්‍ය සංසදය නිර්මාණය කිරීමේලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙකි.

ඔහු එහි සභාපතිත්වය දරමින් දැනට උපදේශක ලෙස කටයුතු කරයි.

🔺සමාජ මාධ්‍ය සේවා වෘත්තීය සමිති සංසදයේ සභාපති දුරයද ඔහු උසුලයි.

🔺කළුතර දිස්ත්‍රික් වතු ප්‍රජා සිවිල් සංවිධානයේ ලේකම්වරයා ලෙසද ශ්‍රීපාල් කටයුතු කරනු ලබයි.
……………………………………

ජනතා ප්‍රශ්න නොබියව රට හමුවේ තැබීම හා සත්‍ය වෙනුවෙන් එඩිතරව පෙනී සිටීම, වෙනුවෙන් ලැබුනු, ගෞරව සම්මාන මෙසේයි.

*කීර්ති ශ්‍රී දේශබන්දු ජනමාධ්‍ය ශූරී ගෞරව නාමය.

*ඉන්දියාවේ කීර්ති ශ්‍රී පණ්ඩිත් ගෞරව නාමය.

*මහත්මා ගාන්ධි නායකත්ව සම්මානය.

*අබ්දුල් කලාම් සේවා විශිෂ්ටතා සම්මානය.

*ඉහලම නායකත්ව සම්මානය.

*මාස්කෝ සම්මාන දෙවතාවක් ලබා ගැනීමට ශ්‍රීපාල් වන්නිආරච්චි සමත් වුනා.

ආචාර්ය පදවියෙන් පිදුම් ලැබූ ශ්‍රීපාල් වන්නිආරච්චි ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ හා සභාපති වරයා ලෙස දැනට සිදුකරගෙන යන මෙහෙය අති විශාලයි.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ආචාර්ය උපාධි ප්‍රදානෝත්සවයේ සුවිශේෂී අවස්ථාවන් කිහිපයක් පහතින් දැක්වේ.

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්