දේශීය

ඖෂධ සංස්ථාවේ සභාපති ඉවත් කළේ මහා පරිමාණ ඖෂධ වංචා හෙළි වූ නිසයි – පෙරටුගාමී සමාජවාදී පක්ෂය

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දොස්තර අජිත් මෙන්ඩිස් මහතා පත් කර තිබෙනවා.

ඒ මීට පෙර එහි සභාපති ලෙස කටයුතු කල සරත් ලියනගේ මහතා විෂයභාර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් එම තනතුරින් ඉවත් කිරීමෙන් පසුවයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපති අජිත් මෙන්ඩිස් මහතා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද කටයුතු කර තිබෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඉවත් කිරීමට ආණ්ඩුවට සිදුවූයේ එහි දූෂණ හෙලිදරව් කරමින් අරගල කළ නිසා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

ඊයේ (16) එම පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මෙලෙස අදහස් දැක්වූවා..

“රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාව සිටි නීතීඥ සරත් ලියනගේ එම තනතුරෙන් ඉවත් කර ඇති බව අද උදෑසන වාර්තා වුණා. ඔහුට ඉල්ලා අස්වන ලෙස පවසා ඇත්තේ ඖෂධ මිලදී ගැනීම් වලදී සිදුකෙරුණු විශාල වංචා ප්‍රමාණයක් නිසා බව වාර්තා වී තිබෙනවා.”

“ඔහු සම්බන්ධයෙන් මීට පෙර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව සහ KPMG වැනි විඝණන ආයතන වල වාර්තා විවිධාකාර දූෂණ චෝදනා එල්ල කළා.”

“වසර ගණනක් තිස්සේ මේ වාර්තා සියල්ල කුණු කූඩයට දමන තරමේ දේශපාලන රැකවරණයක් ඔහුට තිබුණා. ඒත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ තීරණයට හේතුවී තිබෙන ආසන්නතම හේතුව අප විසින් හෙලිදරව් කළ අක්ෂි කාච මිලදී ගැනීමේ අක්‍රමිකතාව.”

“පසුගිය අප්‍රේල් මාසයේ ඖෂධ නීතිගත සංස්ථාව හරහා අක්ෂි කාච ලක්ෂයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳෙව්වා. එහිදී ඒ සියල්ල සඳහා එකට ටෙන්ඩර් කැඳවීම වෙනුවට අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව හරහා කාච 18,000ක් මිලදී ගැනීමේ ටෙන්ඩරයක් සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා කාච 82,000ක් කොටස් කර මිලදී ගැනීමේ ටෙන්ඩර් 8ක් ලෙස ටෙන්ඩර් 9ක් කැඳෙව්වා.”

“සංස්ථාවේ ටෙන්ඩර් වලදී සිදුව ඇති අක්‍රමිකතා රාශියක් අපි හෙලිදරව් කළා.”

“ටෙන්ඩර් තැන්පතු චෙක්පත් වලින් ලබාදීම, අගරු චෙක්පත් ලබාදුන් සමාගම් වලට එරෙහි පියවර නොගැනීම, එක්සත් රාජධානියේ සමාගමක් ලෙස ව්‍යාජ තොරතුරු ලබාදී ඉන්දියාවේ සමාගමකින් කාච මිලදී ගැනීම වැනි ප්‍රශ්නකාරී සිදුවීම් රැසක් තිබුණා.”

“අප ඉදිරිපත් කළ චෝදනා නිවැරදි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවා පිලිගෙන තිබෙන බව ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා ඉවත් කිරීමෙන් පැහැදිලියි.”

“නමුත් නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කරන්නේ තනි නිලධාරියෙකු නෙවෙයි. මේක දේශපාලඥයන්, ඉහල පෙල රාජ්‍ය නිලධාරීන් සහ ගජමිතුරු චෞර ව්‍යාපාරික වළල්ලක් එක්ව ක්‍රියාත්මක වන ජාලයක්. මේ චෞර ජාලය එක් පුද්ගලයෙකු බිලිදී ඇඟ බේරා ගැනීමට සැරසෙනවා. ජනතාව එයට ඉඩ නොදිය යුතුයි.”

“රෝගී ජීවිත මරු කටට යවන, මහජන අරමුදල් කාබාසිනියා කරන, නිදහස් සෞඛ්‍ය සේවය මරා දැමීමට සැරසෙන මේ විනාශකාරී ජාලයම පරදවන තුරු අරගලය ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා සංවිධානාත්මක බලයක් ගොඩ නගන්න අපි හැම දෙනාටම ආරාධනා කරනවා.”

“සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ ආකාරයේ සුළු තීරණයක් වුවත් ගැනීමට සිදුවුණේ නිහඬව, නිවටව නොසිට හඬ නැගූ නිසා. අරගලයෙන් තොර ජයග්‍රහණයක් නෑ. එය යලිත් ඔප්පුවී තිබෙනවා.”

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

5 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

7 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago