Saturday, April 18, 2026
Homeදේශීයබාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට සහය වනවා - ජනපති

බාලදක්ෂ ව්‍යාපාරය පුළුල් කිරීමට සහය වනවා – ජනපති

2024 වන විට පළාත් නවයම ආවරණය වන පරිදි බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරමින් එහි සාමාජිකත්වය ලක්ෂ 02ක් දක්වා වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය සහ අනුශාසනා ධූරය බාලදක්ෂ සංගමය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රධානය කිරීම අද (21) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණු අතර එහිදී බාලදක්ෂ කොමසාරිස් ජනප්රිත් ප්‍රනාන්දු විසින් නිල කර ලෙන්සුව සහ අක්තපත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

බාලදක්ෂ ව්‍යාපාරය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ සහය ලබාදීමට බලාපොරොත්තු වන බව මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

READ:   රුපියල් මිලියන 130ක් වටිනා කේරළ ගංජා තොගයක් අල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්