අවසන් පූර්ව වටයේ පළමු තරගයේ ජය දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වුණා.
ඒ ගාල්ල කණ්ඩායම කඩුලු 06කින් පරාජය කරමින්.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 146 ක් රැස් කළා.
දඹුල්ල කණ්ඩායමේ සාර්ථක පිතිකරුවා බවට පත්වූයේ ලසිත් කෲස්පුල්ලේ පමණයි.
ලසිත් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 80ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 04කදී සිය ඉලක්කය පසුකර ගියා.
දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 4ක් සහ කුසල් ජනිත් පෙරේරා ලකණු 59ක් ලබාගත්තා.
ඒ අනුව අවසන් මහ තරගයට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත්වුණා.


