අවසන් පූර්ව වටයේ පළමු තරගය දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙනවා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 146ක් රැස් කළා.
සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ ලසිත් පන්දු 61කින් ලකුණු 80ක් රැස් කළා.
වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව පසු කිරීමට සමත් වුනේ නැහැ.
පන්දු යැවීමේදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් Hayden Kerr කඩුලු 03ක් බිඳදැමුවා.
Noor Ahmad කඩුලු 02 යි.
මේ වනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන දඹුල්ල කණ්ඩායම පන්දුවාර 6යි පන්දු 4කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 50ක් ලබා සිටිනවා.


