දේශීය

පිට රටින් වෛද්‍යවරු ගෙන්වීමට වෙන අවදානමක්?

පවතින වෛද්‍යවරුන්ගේ හිගයට කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් විශේෂඥ වෛද්‍ය සේවාව පිටරටවලින් ලබා ගැනීමට සිදුවෙනු ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

වෛද්‍යවරුන් අඩුවීම නිසා ප්‍රතිකාර ලබා දෙන ස්ථානයන්වල නියමිත වෛද්‍යවරුන් ගණන පවත්වා ගෙන යාම දුශ්කරව ඇති බව එම සංගමයේ විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසනවා.

මෙම තත්ත්වය දිගටම පැවතුනොත් තත්ත්වය සංකෝචනය කිරීම හැර වෙන විකල්පයක් නැති බව ඒ මහතා පෙන්වා දෙනවා. එසේත් නැතිනම් පිටරටින් වෛද්‍යවරුන් ගෙන්වා ගැනීමට සිදුවන බව ඒ මහතා පවසනවා.

එවැනි අවශ්‍යතාවක් දැනට නැති බවත් එහෙත් වෛද්‍යවරුන් අඩුවීමේ ප්‍රවණතාව දිගටම පැවතුනොත් තව වසර කිහිපයක දී එවැනි විකල්පයකට යෑමට සිදු වන බව ඔහු සඳහන් කළා.

රජය පනවා ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තිය වෛද්‍යවරුන් රට හැර යෑමට ප්‍රධානම හේතුව බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

10 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

10 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago