දේශීය

කොදෙව්වන් ඉන්දියාවට හොඳටම නෙලයි – තරගාවලියේ ජය කොදෙව්වන්ට.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලිය 3-2ක් ලෙස ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වුණා.

තරග 5කින් යුත් තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය කොදෙව්වන් කඩුලු 08කින් ජය ගත්තේ ප්‍රබල ඉන්දියාවට පරාජය උරුම කර දෙමින්.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 165ක් රැස් කළා.

Suryakumar Yadav පන්දු 45ක් තුළ ලකුණු 61ක් රැස් කළා.

Tilak Varma ලකුණු 27 යි.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ Romario Shepherd කඩුලු 04ක් දවා ගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 166ක ඉලක්කයක් හබා ගිය කොදෙව් කණ්ඩායම කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 171 ක් ලබා ගනිමින් තරගය ජයගත්තා.

ඒ ගරගයේ තවත් පන්දුවාර දෙකක් ඉතිරිව තිබියදී.

කැපීපෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ Brandon King පන්දු 55කදී නොදැවී ලකුණු 85ක් රැස් කළා.

Nicholas Pooran ලකුණු 47 යි.

file

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

23 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

23 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago