Sunday, September 13, 2026
Homeදේශීයමිහින්තලය ම සසල කළ අකුණු පහරින් තිදෙනෙකු මරුට

මිහින්තලය ම සසල කළ අකුණු පහරින් තිදෙනෙකු මරුට

මිහින්තලය පොලිස් වසමේ තම්මැන්නාව වැවේ මසුන් මැරීමට ගිය පුද්ගලයින් තිදෙනෙකු පැමිණි වර්ෂාව හේතුවෙන් වැව් බැම්ම මත වාඩිවී සිටියදී අකුණු සැර වැදී තිබෙනවා.

ඊයේ (11) සවස මෙලෙස අකුණුසැර වැදීමෙන් බරපතළ තත්ත්වයෙන් තම්මැන්නාව රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් තිදෙනාම මියගිය බව පොලිසිය පවසනවා.

මරණකරුවන් වයස අවුරුදු 44,45 හා 46 යන වයස්වල පසුවන ගඟුරුව, සීප්පුකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

හදිසි මරණ පරීක්ෂණය සිදුකර මෘත ශරීර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මිහින්තලය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   BREAKING NEWS: මම පෙනී සිටියේ ජනතාව වෙනුවෙන් - ජනකගෙන් විශේෂ ප්‍රකාශයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්