Friday, September 11, 2026
Homeදේශීයවන අලියාගේ පහරදීමෙන් කාන්තාවක් මරුට

වන අලියාගේ පහරදීමෙන් කාන්තාවක් මරුට

කහටගස්දිගිලිය පොලිස් වසමේ පාලිප්පොතාන ප්‍රදේශයේ කාන්තාවක් වන අලි පහරදීමක් හේතුවෙන් මියගොස් තිබෙනවා.

ඊයේ (11) අළුයම කාලයේ එම කාන්තාව තම නිවස අසල දී මෙලෙස වන අලි පහරකෑමට ලක්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 58ක් වූ පාලිප්පොතාන, රත්මල්ගහවැව ප්‍රදේශයේ කාන්තාවකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට භාර දී ඇත.

කහටගස්දිගිලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   වියළි කාලගුණයෙන් පුද්ගලයින් 210,652කට පීඩා..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්