දේශීය

බණ්ඩාරවෙලින් රටම ගොඩදාන්න පුලුවන් තුන්දෙනෙක්!

බණ්ඩාරවෙලින් රටම ගොඩදාන්න පුලුවන් තුන්දෙනෙක් හඳුනාගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා.

ඒ සිය නිල මුහුණු පොත ගිණුමේ සටහනක් තබමින්.

“බණ්ඩාරවෙලින් මුලු රටේම ආර්ථිකය ගොඩ දාන්න හැකියාවක් තිබෙන තුන් දෙනෙක් මට හමු වුනා.”

“එක්කෙනෙක් තමයි කහත්තේවෙල මංජු තරුණයා. ඔහු නිර්මාණය කළ කහත්තේවෙල ජනතා ගොවි සමාගම ගැන මම ඉතාලියේ කෘෂිකර්ම ඇමතිවරයාටත් කිව්වා. මංජු අද මුලු රටටම විතරක් නොව රටවල් ගණනාවකට අපේ එලවළු යවනවා. කහත්තේවෙල අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව හදපු ඔහු අද මට මොසරැල්ලා චීස් හදන යෝජනාවත් කළා.”

“අනික් කෙනා තමයි මම අද හඳුනාගත් ඌව පරණගම බන්ඩාර. අපේ රටේ කාටවත් හදන්න බැරි වුන රසවත් මිදි ප්‍රභේදයක් ඔහුම හඳුනාගෙන තිබෙනවා. අපේ රටම ආපසු හරවන්න ඔහුට පුලුවන්. අපි හැමෝම බන්ඩාරට සහයෝගය දිය යුතුයි.”

“අනිත් කෙනා තමයි පාලිත. ඔහු හඳුන්වා දී ඇති විශිෂ්ට තක්කාලි ප්‍රභේදය අස්වනු අවසානයක් නෑ. දීර්ඝ කාලයක් අස්වනු නෙළන්න පුළුවන්. ඒවා කාලයක් තියාගන්නත් පුලුවන්. පාලිත තක්කාලි බද්ධ කරන්නේ ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන ලද ක්ලිප් එකක් යොදා ගනිමින්.”

“මට හමුවූ මේ තුන්දෙනාට අපි හැමෝම උදව් කළොත් ඔවුන් මුළු රටම ගොඩ දාන බව මට විශ්වාසයි.”

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago