දේශීය

සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

සම්මානනීය ලේඛිකාවක, ප්‍රවීණ පුවත් කර්තෘවරියක වන අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අනුල මහත්මිය නවකතා, පරිවර්තන, ළමා පොත් ඇතුළු වටිනා පොත් 125කට අධික ප්‍රමාණයක් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට දායද කර ඇත.

ඇයගේ පළමු නවකතාව වන ‘උම්මත්තකයෝ’ නවකතාව 1964 වර්ෂයේ දී ප්‍රකාශයට පත්විය.

අහස් මාලිගා, මංජේශ්වරී, මහා මුහුද මමයි වැනි සුවිශේෂී නවකතා ඇය අතින් රචනා විය.

දෙවියංගේ අඩවිය (Not without my Daughter), තුන්වෙනි බිරිඳ (Third Wife), පිලිකා වාට්ටුව (Cancer Word) වැනි ජනප්‍රිය පරිවර්තන ඇය විසින් ප්‍රකාශයට පත් කෘති අතර වෙයි.

මිය යන විට ඇය 82 වන වියෙහි පසුවුණා.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 14 වන සඳුදා බොරැල්ල කනත්තේදී සවස 4.00ට සිදුකිරීමට නියමිතයි.

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

5 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

5 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

15 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

15 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

15 hours ago