දේශීය

සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

සම්මානනීය ලේඛිකාවක, ප්‍රවීණ පුවත් කර්තෘවරියක වන අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අනුල මහත්මිය නවකතා, පරිවර්තන, ළමා පොත් ඇතුළු වටිනා පොත් 125කට අධික ප්‍රමාණයක් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට දායද කර ඇත.

ඇයගේ පළමු නවකතාව වන ‘උම්මත්තකයෝ’ නවකතාව 1964 වර්ෂයේ දී ප්‍රකාශයට පත්විය.

අහස් මාලිගා, මංජේශ්වරී, මහා මුහුද මමයි වැනි සුවිශේෂී නවකතා ඇය අතින් රචනා විය.

දෙවියංගේ අඩවිය (Not without my Daughter), තුන්වෙනි බිරිඳ (Third Wife), පිලිකා වාට්ටුව (Cancer Word) වැනි ජනප්‍රිය පරිවර්තන ඇය විසින් ප්‍රකාශයට පත් කෘති අතර වෙයි.

මිය යන විට ඇය 82 වන වියෙහි පසුවුණා.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 14 වන සඳුදා බොරැල්ල කනත්තේදී සවස 4.00ට සිදුකිරීමට නියමිතයි.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago