දේශීය

විශේෂ පක්ෂ නායක හමුවක් අද පාර්ලිමේන්තුවේ දී

අද (11) පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතයි.

එහිදී පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පවසනවා. ඒ ලබන සතියට නියමිත පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පිළිබඳව තීරණ ගැනීම සඳහා යි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂ ගෙන එන විශ්වාසභංග යෝජනාව සාකච්ඡාවට ගන්නවාද ? නැද්ද? යන්න මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරන බව වාර්තා වෙනවා.

මේ අතර පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පළාත් පාලන ආයතනවල කසල බැහැර කිරීම, රාවනා රජු පිළිබඳ විධිමත් ගවේෂණයක් සිදුකිරීම, ශෘද්‍ර මූල්‍ය හා කල්බදු ණය පහසුකම් ආයතන ණය පහසුකම් දැඩි නියාමනයකට ලක් කිරීම සහ පාසල් ගුරුවරුන් සඳහා වසර 05කට වරක් ස්ථාන මාරුවීම් ලබාදීම යන යෝජනා ඒ අතර වෙනවා.

ඒ අනුව පෙරවරු 10.30 සිට පස්වරු 05.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා සඳහා පාර්ලිමේන්තුවේ කාලය වෙන්කර තිබෙනවා.

මේ අතර අද පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්ණ සඳහා කාලය වෙන් කර ඇත.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago