file
වියළි කාලගුණය හේතුවෙන් දිවයින පුරා කුඩා වැව් 10,000කට ආසන්න සංඛ්‍යාවක් සිදී ගොස් ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
මෝසම් වැස්ස ප්‍රමාණවත්ව නොලැබීම සහ උෂ්ණ අධික කාලගුණය මෙලෙස වැව් සිදී යෑමට හේතුව වී තිබේ.
මේ හේතුවෙන් වී වගාවන්ට මෙන්ම ගොඩ බෝග වගාවන් සඳහා ජලය සැපයීම දුෂ්කරව පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
කරුණෑගල, අනුරාධපුර,අම්පාර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ගොවීන් මින් දැඩි පීඩාවට පත්ව ඇත.
වගාවන් ආරක්ෂා කර ගැනීම අතිශය දුෂ්කර වීම හේතුවෙන් එම ප්‍රදේශයන්හි වැව්වල ළිං හැරීම සඳහා මේ වනවිටත් අවසර ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…