Saturday, September 12, 2026
Homeදේශීයධනුෂ්ක ගුණතිලක ගැන අධිකරණයෙන් තීරණයක්

ධනුෂ්ක ගුණතිලක ගැන අධිකරණයෙන් තීරණයක්

ඕස්ට්‍රේලියාවේ දී ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දෙසි තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අදාළ නඩු විභාගය සිඩිනි අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ දී යි.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට හා ගුවන් සංචාරය කිරීමට ද අවස්ථාව හිමිවෙනවා.

එක් මාසයක දී එරට අභ්‍යන්තර ගුවන් ගමන් දෙකක් සිදු කිරීමට අවස්ථාව හිමිව ඇති බව වාර්තා වෙනවා.

ඕස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් අවම වශයෙන් පැය 48කට පෙර පොලිසිය දැනුවත් කරන ලෙස ධනුෂ්ක ගුණතිලකට දන්වා ඇත.

READ:   මේසයක වාඩි වී කෑම කන පැන්ඩාවුන් හතර දෙනාට ලෝකයේ අවධානය (PHOTO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්