දේශීය

ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු (French Fries) කර්මාන්ත ශාලාව විවෘත කෙරේ..

බණ්ඩාරවෙල, කහත්තේවෙල ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙම මස 11 දින විවෘත කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

කහත්තේවෙල ශ්‍රී සංඝරාජ විහාරස්ථාන පරිශ්‍රයේ මෙම කර්මාන්ත ශාලාව ඉදි කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) හා කහත්තේවෙල ජනතා ගොවි සමාගමේ මුල්‍ය දායකත්වය යටතේ ඉදි කරන ලද මෙම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කිරීමට නියමිතයි.

මෙම අර්තාපල් තීරු සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදි කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 100 ඉක්මවන බව සඳහන්.

ගොවීන් 250කගේ අර්තාපල් මෙම කර්මාන්ත ශාලාව විසින් මිල දී ගන්නා අතර දෛනික අර්තාපල් තීරු නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් 1000කි.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

24 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

24 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago