Monday, April 20, 2026
HomeදේශීයUPDATE: දුම්රිය අනතුර: පොලිසියෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්..

UPDATE: දුම්රිය අනතුර: පොලිසියෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්..

අද (09) උදෑසන මීරිගම, විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ කන්ටේනර් රථයක් ගැටී සිදුවු අනතුරින් එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබෙනවා.

ඒ හේතුවෙන් පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම්දෙනවා.

කොළඹ සිට පස්යාල හන්දියෙන් මීරිගම අධිවේගී මාර්ගය දක්වා ගමන් කරන වාහන පස්යාල හන්දියෙන් ඇතුල්වීමට නොහැකි අතර කොළඹ මහනුවර මාර්ගය භාවිත කළ හැක.

දිවුලපිටිය සිට ගමන් කරන වාහන මීරිගම නගරයෙන් වමට හැරී දංඕවිට හා වරකාපොල මාර්ගවලට පිවිස කොළඹ මහනුවර මාර්ගයට පිවිසිය හැක.

මීරිගම අධිවේගී පිවිසුම් මාර්ගයෙන් පිටවී කොළඹ හා දිවුලපිටිය ප්‍රදේශවලට ගමන් කරන වාහන හද්දාමුල්ල හන්දියෙන් වමට හැරී කොළඹ කුරුණෑගල මාර්ග අංක 05 මාර්ගයට පිවිස ගමන් කළ හැක.

file
READ:   යෝජිත විදුලිබල පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්