Thursday, May 14, 2026
Homeදේශීයඅඹුසැමි යුවලක් නිවස තුළ වෙඩි වැදී මරුට

අඹුසැමි යුවලක් නිවස තුළ වෙඩි වැදී මරුට

නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේ යුවලක් නිවස තුළ දී වෙඩි වැදී මියගොස් තිබෙනවා.

ඊයේ (07) රාත්‍රියේ නුවරඑළිය පොලිස් ස්ථානයට ඒ සම්බන්ධයෙන් තොරතුරක් ලැබී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28ක් වන පුද්ගලයෙකු සහ වයස අවුරුදු 26ක් වන ටොප්පාස් , නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවලකි.

පවුල් ආරවුලක් නිසා සැමියා මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඔහුද වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය සිද්ධිය වූ ස්ථානයේ තිබී හමුව ඇත.

නුවරඑළිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ඉන්දියාවේ "වාගීර්" එද්දී පාකිස්තානයේ යුධ නෞකාවක් කොළඹට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්