file
තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේදී ලොරි රථයක් හා මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අද (04) අලුයම කුරුණෑගල දෙස සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ ලොරි රථයක් වෙළඳසැලක් අසල නැවැත්වීමට යෑමේදී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයේ පිටුපස වැදී අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 08 දෙනෙකු තබුත්තේගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ ගැහැණු පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
තවත් 4 දෙනෙකු රෝහල් ගතකර ඇති බව වාර්තා වෙනවා.
මියගිය පිරිමි පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 36 හා 46 වයස්වල පසුවන අතර කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 36 හා 43 වයස්වල පසුවන කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සමාජිකයන් බව අනාවරණය වී තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…