Saturday, April 18, 2026
Homeදේශීයතඹුත්තේගම අනතුරක්: සිවි දෙනෙක් ජීවිතක්ෂයට

තඹුත්තේගම අනතුරක්: සිවි දෙනෙක් ජීවිතක්ෂයට

තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේදී ලොරි රථයක් හා මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අද (04) අලුයම කුරුණෑගල දෙස සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ ලොරි රථයක් වෙළඳසැලක් අසල නැවැත්වීමට යෑමේදී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයේ පිටුපස වැදී අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 08 දෙනෙකු තබුත්තේගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ ගැහැණු පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් 4 දෙනෙකු රෝහල් ගතකර ඇති බව වාර්තා වෙනවා.

මියගිය පිරිමි පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 36 හා 46 වයස්වල පසුවන අතර කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 36 හා 43 වයස්වල පසුවන කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සමාජිකයන් බව අනාවරණය වී තිබේ.

READ:   BREAKING NEWS: කොල්ලුපිටියේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටී බිහිසුණු අනතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්