Categories: දේශීය

කොපිරයිට් ගහන අයට දමිත් අසංකගෙන් කනේ පාරක්. මගේ ගීත කවුරු කිවුවත් මට ප්‍රශ්නයක් නෑ.

තමන් ගායනා කළ ගීත ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක නිදහසේ ගායනා කිරීම සඳහා තමන්ගෙන් බාධාවක් නොමැති බව ගායන ශිල්පී දමිත් අසංක පවසනවා.

යූටියුබ් නාළිකාවක් වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දී තිබුණේ එසේ ගායනා කිරීම තමන්ට මානසික සුවයක් සළසන බවයි.

එහි තරම සිතාගත නොහැකි තරම් බව, දක්ෂ මෙන්ම නිහතමානී ගායකයෙකු ලෙස රසික ජනාදරයට පත් මෙම තරුණ ගායන ශීල්පියා සඳහන් කර සිටිනවා.

එසේම එය සිය ජීවිතයට ආශිර්වාදයක් සහ ශක්තියක් වනු ඇති බව ඔහුගේ විශ්වාසයයි.

නිර්මාණ සඳහා වූ කතෘ හිමිකම් සඳහා සමාජයේ සංවාදයක් නිර්මාණය වී තිබූ පසුබිමක් තුළදී මෙවන් ප්‍රකාශයක් කිරීම රසික ප්‍රජාව තුළ නව උත්තේජනයක් සපයන්නක්.

සමාජ මාධ්‍ය පිරික්සීමේදී දැකගත හැකි වන්නේ දමිත්ගේ මෙම අදහස නිසා ම ඔහු තව තවත් ජනප්‍රිය වී ඇති බවයි.

ප්‍රවීණ ගායන ශිල්පී සේනානායක වෙරලියද්ද හට සංගීත සංදර්ශන වේදිකාවක් මතදී ම ඔහු පසුගිය දිනක වැඳනමස්කාර කරමින් ගෞරව කිරීමේ සිද්ධියද ජනතාව බොහෝ අමානන්දයෙන් වැළඳගෙන තිබුණා.

ඒ සම්බන්ධව අදහස් දක්වමින් දමිත් පවසා තිබුණේ තමන් එසේ කළේ කෘත ගුණ දැක්වීමට බවයි.

සිය ගායන ජීවිතයට පිවිසෙද්දී වේරලියද්ද⁣ ගායන ශිල්පියාගේ ගී තමන් වේදිකාවේ ගායනා කළ බවත් ඒ සඳහා බාධා නොකර ඔහු කළ ආශිර්වාදය ගායන ජීවිතයට ශක්තියක් වූ බවත් ඔහු පවසා තිබුණා.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

12 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

12 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago