Wednesday, March 26, 2025
Homeදේශීයකොපිරයිට් ගහන අයට දමිත් අසංකගෙන් කනේ පාරක්. මගේ ගීත කවුරු කිවුවත් මට...

කොපිරයිට් ගහන අයට දමිත් අසංකගෙන් කනේ පාරක්. මගේ ගීත කවුරු කිවුවත් මට ප්‍රශ්නයක් නෑ.

තමන් ගායනා කළ ගීත ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක නිදහසේ ගායනා කිරීම සඳහා තමන්ගෙන් බාධාවක් නොමැති බව ගායන ශිල්පී දමිත් අසංක පවසනවා.

යූටියුබ් නාළිකාවක් වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දී තිබුණේ එසේ ගායනා කිරීම තමන්ට මානසික සුවයක් සළසන බවයි.

එහි තරම සිතාගත නොහැකි තරම් බව, දක්ෂ මෙන්ම නිහතමානී ගායකයෙකු ලෙස රසික ජනාදරයට පත් මෙම තරුණ ගායන ශීල්පියා සඳහන් කර සිටිනවා.

එසේම එය සිය ජීවිතයට ආශිර්වාදයක් සහ ශක්තියක් වනු ඇති බව ඔහුගේ විශ්වාසයයි.

නිර්මාණ සඳහා වූ කතෘ හිමිකම් සඳහා සමාජයේ සංවාදයක් නිර්මාණය වී තිබූ පසුබිමක් තුළදී මෙවන් ප්‍රකාශයක් කිරීම රසික ප්‍රජාව තුළ නව උත්තේජනයක් සපයන්නක්.

සමාජ මාධ්‍ය පිරික්සීමේදී දැකගත හැකි වන්නේ දමිත්ගේ මෙම අදහස නිසා ම ඔහු තව තවත් ජනප්‍රිය වී ඇති බවයි.

ප්‍රවීණ ගායන ශිල්පී සේනානායක වෙරලියද්ද හට සංගීත සංදර්ශන වේදිකාවක් මතදී ම ඔහු පසුගිය දිනක වැඳනමස්කාර කරමින් ගෞරව කිරීමේ සිද්ධියද ජනතාව බොහෝ අමානන්දයෙන් වැළඳගෙන තිබුණා.

ඒ සම්බන්ධව අදහස් දක්වමින් දමිත් පවසා තිබුණේ තමන් එසේ කළේ කෘත ගුණ දැක්වීමට බවයි.

සිය ගායන ජීවිතයට පිවිසෙද්දී වේරලියද්ද⁣ ගායන ශිල්පියාගේ ගී තමන් වේදිකාවේ ගායනා කළ බවත් ඒ සඳහා බාධා නොකර ඔහු කළ ආශිර්වාදය ගායන ජීවිතයට ශක්තියක් වූ බවත් ඔහු පවසා තිබුණා.

READ:   ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්