දේශීය

නියගය නිසා වගාහානි වූ ගොවියන්ට සහනලබාදීමට මැදිහත් වෙනවා – නාමල් රාජපක්ෂ

නියගය නිසා වගා හානිවූ ගොවියන්ට සහනලබාදීමට තමන් වගේම ශ්‍රීලංකා පොදුජන පෙරමුණත් මැදිහත්වන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා ඔහු මේ බව පැවසුවේ හිරියාල ආසන බලමණ්ඩල රැස්වීමේදීය.මේ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ


Intervening to provide relief to farmers whose crops were damaged due to drought – Namal Rajapakse

අපි ඕනෙම අවස්ථාවක ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා.අපිට හැකි පමණින් මේ ආණ්ඩුවට තියෙන වරප්‍රසාද ටික ගම්වලට අරගෙන එනවා.පසුගිය කාලෙ අස්වැසුම ගැන ප්‍රශ්නයක් ආවා.අප මන්ත්‍රී කණ්ඩායම ඒ ප්‍රශ්නෙට මැදිහත් උනා.අද නැවත වතාවක් එය සමාලෝචනය කිරීමට කටයුතු කරනවා.අපි බලාගෙන ඉන්නවා පක්ෂයක් විදිහට එයඒ ආකාරයෙන් සිද්ධ වෙනවද නැද්ද කියන කාරණය.වී මිලදී ගැනීම ආරම්භ වෙලා තිබුනත් ලැබෙන මිල ගැන සෑහීමකට පත්වෙන්න බෑ.මන්ත්‍රීවරු කණ්ඩායම් රැස්වීමේදී ඒ ගැනත් කතා කලා වී මිල ගැන.නියං තියෙන පලාත් තියෙනවා ඒ පළාත්වල වතුර ලබාදීම පිලිබදව ප්‍රශ්නයක් තියෙනවා එහෙමනම් වගා හානියක් වෙනවනම් නියගයක් නිසා ගොවියන්ට දෙන සාධාරණය මොකක්ක්ද කියන එකට ආණ්ඩුවේ අවධානය යොමුකලයුතුයි.නියගය නිසා වගා හානිවෙන ගොවියන්ට ලබාදීමට හැකි සහන පිලිබදව අපි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කතා කරනවා.ඒ පිලිබදව අපි මැදිහත් වෙනවා කියන එකත් මතක් කරන්න කැමතියි.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

23 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

23 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

1 day ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

1 day ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

1 day ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago