ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැතැයි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
තුර්කියේ සංචාරයක නිරතව සිටින අතරතුර එරට ආරක්‍ෂක අමාත්‍ය යාසර් ගුලර් මහතා හමුවූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුබල දෙන ඕනෑම ආකාරයක ක්‍රියා සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කරන බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.
ෆෙතුල්ලා ගුලේන් කණ්ඩායම් විසින් මෙහෙයවන ලද ෆෙතුල්ලා ත්‍රස්තවාදී සංවිධානය මර්දනය කිරීමට ශ්‍රී ලංකා රජය මෙන්ම මෙරට බුද්ධි අංශ ආරක්‍ෂක අංශ දැක්වූ දායකත්වය එහිදී තුර්කි ආරක්‍ෂක අමාත්‍යවරයා ඇගයීමට ලක්කර තිබෙන බව වාර්තා වෙනවා.


